අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

කෙසේවෙතත් එය ඉතා දීර්ඝ කාලයකට පෙර සිදූවූ බවයි ඔවුන් අනාවරණය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ පුද්ගලික ගංජා භාවිතය නීතිගත කිරීම සම්බන්ධයෙන් පැවති පුලුල් සාකච්ඡාවකදීයි අගමැතිනිය සහ භාණ්ඩාගාරිකවරයා මේ බව සඳහන් කලේ.

එහෙත් මෙම පණත සම්බන්ධයෙන් ප්‍රාන්ත ලේබර් රජය තුළින්ම දැඩි විරෝධතා මතුවී තිබෙනවා.

මානසික සෞඛ්‍ය අමාත්‍යවරයාද අවධාරණය කරන්නේ සංශෝධන නොමැතිනම් මෙම පණතට සහය දීමේ ගැටලුවක් පවතින බවයි.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »