උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

එය වසර 04 ක් තුළදී සියයට 50 ක පිරිවැය ඉහළයාමක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

පසුගිය වසර 06 තුළදී උපදේශන සේවා වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 800 ක මුදලක් සමාගම් 05 කට ලබාදී ඇති බවයි වික්ටෝරියා විගණන දෙපාර්තමේන්තුව සිදුකර ඇති විමර්ශනයක දැකවෙන්නේ.

මෙම බහුතර මුදල් ගෙවා ඇත්තේ විනිවිදභාවයකින් තොරව බවටද චෝදනා එල්ල වනවා.

කෙසේවෙතත් බදු ගෙවන ජනතාවගේ මුදල් මෙලෙස අසීමිත ලෙස වැය කිරීම පිළිබඳව බොහෝ පිරිසක් පළකර ඇත්තේ දැඩි අප්‍රසාදයක්.

අනවශ්‍ය වියදම් කපා හරින බවට පැවති ඩැනියල් ඇන්ඩෲස් පාලනය විසින් ලබාදී තිබූ පොරොන්දුව උල්ලංඝනය කර තිබීම ඊට හේතුවයි.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »