Search

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

විදෙස් සංචාර පමණක් නොව දේශීය අභ්‍යන්තර ගුවන් ගමන්වල නිරතවන පිරිසද කැපී පෙනෙන අන්දමින් පහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් ආහාර – සංචාර සහ විනෝදාස්වාදය වැනි දෑ සඳහා කෙසේ හෝ මුදල් ඉතිරි කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිසක්ද සිටින බව සඳහන්.

මෙවර නත්තල් සමයේදී ගුවන් ගමන් ප්‍රමාදයන්හි ඉහළයාමක්ද අපේක්ෂා කරන බවයි මෑතකදී නිකුත් වූ වාර්තාවක දක්වා තිබුණේ.

https://newsspicy.com/?p=4785

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »