ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන්ට ලාභදායී විදුලි බිල්!

ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන්ට ලාභදායී විදුලි බිල්!

ඉදිරි වසර තුනක කාලය තුළ ඕස්ට්‍රේලියානු නිවැසියන්ට ඔවුන්ගේ වාර්ෂික විදුලි අවශ්‍යතා සඳහා වන මිල​ ඩොලර් 190 කින් පහත වැටෙනු ඇති බවට සඳහන් වේ.

ජාතික බලශක්ති වෙළඳපොලේ ACT හැර අනෙකුත් සියලුම ප්‍රාන්තයන් ගේ 2023 වන විට අඩු විදුලි මිල ගණන් දැකීමට හැකිවන​ අතර එය ලාභදායී ගෑස්, සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට නියමිතය​.

සඳුදා(21/12) නිකුත් කරන ලද ඕස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ කොමිෂන් සභාවේ නවතම විදුලි මිල ප්‍රක්ෂේපනයන්හි මෙම අනාවැකි අඩංගු වේ.

ACT ප්‍රාන්තය තුළ 2022/23 මූල්‍ය වර්ෂය තුළ විදුලි බිල් වැඩිවීමට පෙර ඉදිරි වසර දෙක තුළ බිල්පත් මිල අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප්‍රාන්තය තුල​ සාමාන්‍ය පාරිභෝගික බිල්වල මිල​ 2021 සහ 2023 අතර සියයට 2 – 45 අතර අගයකින් ඉහළ යනු ඇත.

2023 වන විට දකුණු ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ බිල්පත් විශාල වශයෙන් පහත වැටෙනු ඇති අතර විදුලි පිරිවැය ඩොලර් 200 ක් පමණ අඩු වනු ඇත.

වික්ටෝරියානුවන් ගේ විදුලි බිල්පත් ද ඉදිරි වසර තුන තුළ ඩොලර් 170 කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අන්තර්ජාලය හරහා පැමිණෙන නව බලශක්ති ප්‍රභවයන්හි විශාල වැඩිවීමක්, විශේෂයෙන් සුළං ගොවිපලවල් මෙන්ම අඩු ගෑස් මිල ගණන්, මෙම බිල්පත් වල​ මිල පහත වැටීමට හේතු වේ.

අතිරේක සුළං ටර්බයිනයක් මෑතකදී විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පසුව ටස්මේනියාව මුළුමනින්ම හරිත ශක්තියෙන් ක්‍රියාත්මක වේ. එහි ප්‍රතිඵලය වූයේ බ්ලාපොරොත්තු වූවාට වඩා වසර දෙකකට පෙර ටස්මේනියාව සිය සියයට සියයක් පුනර්ජනනීය බලශක්තිය කරා ළඟා වීමයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නිවැසියන්ට 2023 දී විදුලි බිල්පත් ඩොලර් 30කින් පහත වැටෙනු ඇත.

(7News)

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »