මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

සියයට 87 ක පමණ පිරිසක් වාචික හිංසනවලටත්, සියයට 12.5 ක පමණ පිරිසක් කායික හිංසනවලටත් ගොදුරු විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

භාණ්ඩ මිළ ගණන් ඉහළයාම හමුවේ ඇතිවන පීඩනය ආසන්නතම පුද්ගලයා වන ඉදිරිපෙළ සිල්ලර වෙළඳසැල් සේවකයන් වෙත මුදා හැරීමට පාරිභෝගිකයන් පෙළඹෙනු ඇති බවයි මෙම සමීක්ෂණය අනාවරණය කරන්නේ.

මෙම වසරේ සිය නත්තල් වෙළඳ වියදම පසුගිය වසරට වඩා සියයට 75 කින් පමණ ඉහළ යනු ඇති බවට සමීක්ෂණ ආයතනයක් විසින් සිදුකර තිබු අධ්‍යයනයකදී අනාවරණය වී තිබුණා.

ඒ අනුව පසුගිය වසරට වඩා මෙවර මාසික වියදම ඩොලර් 400 ත් 535 ත් අතර අගයකින් වැඩිවිය හැකි බව සඳහන්.

ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මිලියන 5 කට ආසන්න පිරිසක් සිය මාසික ආහාර වියදම කපා හරින බවටද එහිදී පවසා තිබුණා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »