නාසි සංකේත සහ ආචාරය ප්‍රසිද්ධියේ නිරූපණය තහනම් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයද සූදානම් වනවා.
ඒ අනුව ස්වස්තිකය ඇතුලු සෙසු නාසි සංකේත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනයට වරදකරුවෙකු වන තැනැත්තෙකුට ඩොලර් 20,000 ක දඩයක් හෝ මාස 12 ක සිර දඩුවමක් නියම කල හැකියි.
එහෙත් ආගමික කටයුතු සඳහා භාවිත කරන ස්වස්තිකයට මෙමගින් කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැහැ.
වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක් විසින් දැනටමත් නාසි සංකේත භාවිතය තහනම් කරමින් නීති පණවනු ලැබ තිබෙනවා.
එමෙන්ම ෆෙඩරල් රජය විසින් ජාතික මට්ටමින් අපරාධමය වරදක් බවට නාසි ආචාරය නම් කිරීමේ සූදානමක්ද පවතින බවයි නිතිපතිවරයා ඊයේ නිවේදනය කලේ.