සුලු වැටුපකට සේවය කල ස්වදේශික ජනතාව වෙනුවෙන් බ. ඔස්ට්‍රේලියා රජය සමාව අයදී

1936 ත් 1972 ත් අතර කාලයේදී ඉතාම සුලු වැටුපකට සේවය කල ස්වදේශික ජනතාව වෙනුවෙන් බටහිර ඔස්ට්‍රේලියා රජය විසින් නිල වශයෙන් සමාව අයැදීමක් සිදුකර තිබෙනවා.

වසර 40 කට ආසන්න කාලයක් ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාව වෙනුවෙන් සිදුකල අසාධාරණකම් වෙනුවෙන් කණගාටු වන බවයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති රොජර් කුක් සඳහන් කලේ.

1936-1972 කාලයේදී ගොවිපොළ ඇතුලු වැඩබිම්වල මෙම පිරිස් සේවයෙහි යොදවා තිබුණා.

ඔවුන් වෙනුවෙන් ඩොලර් මිලියන 180.4 ක වන්දියක් පිරිනැමීමට නියමිත අතර ඒ අනුව එක් අයෙකුට ඩොලර් 16,500 ක පමණ මුදලක් හිමිවීමට නියමිතයි.

ඊට අමතරව මීට අදාළව නඩුවක් පවරා තිබූ ස්වදේශික නායකයෙකු වෙනුවෙන් නඩු ගාස්තු ලෙස වෙනමම ඩොලර් මිලියන 15 ක මුදලක්ද ලබාදීමට නියමිතව තිබෙනවා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »