වරාය ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකර ප්‍රධානතම නෞකා සමාගමක් මෙල්බන් වරාය අත්හරී

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් වරාය ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් මෙල්බන් වරායෙන් සිය මගී ප්‍රවාහන නෞකා ඉවත් කරගැනීමට ප්‍රධානතම නෞකා සමාගමක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කානිවල් ඔස්ටේ්‍රලියා සමාගම විසින් ප්‍රින්සස් නාමය යටතේ පවත්වාගෙන යන සියලු නෞකා මෙල්බන් වරාය වෙත ඉදිරියේදී නොපැමිණීමටයි සැළසුම් කර ඇත්තේ.

ලබන ජනවාරි 01 දා සිට වරාය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පසුගියදා තීරනය කලේ.

නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම එහි අරමුණයි.

කෙසේවෙතත් මෙම අධික පිරිවැය දැරීම තමන්ට අසීරු බැවින් මෙල්බන් හැර අනෙකුත් වරායන් වෙත සිය මගී ප්‍රවාහන නෞකා යොමු කරවන බවයි කානිවල් ඔස්ටේ්‍රලියා සමාගම දන්වා ඇත්තේ.

2023-24 කාලසීමාව තුළදී ඔවුන්ගේ නෞකා හරහා මගීන් 65,000 කට අධික පිරිසක් මෙල්බන් දක්වා රැගෙන ඒමට සැළසුම් කර තිබුණා.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »