රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

සෑම කිලෝමීටරයක් සඳහාම ඩොලර් ශත 2.6 ක් බැගින් වන බද්දක් ඔවුන්ගෙන් අය කෛරුණා.

කෙසේවෙතත් එය නීති විරෝධී බවටයි පසුගිය මාසයේදී මහාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවේ.

ඒ අනුව ඩොලර් මිලියන 07 කට ආසන්න මුදලක් නැවතත් රියදුරන්ට ගෙවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයට සිදුවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

එහෙත් කොපමණ පිරිසක් අතර මෙම මුදල් යන්නේද සහ එක් එක් තැනැත්තා සඳහා ලබාදීමට නියමිත මුදල මෙතෙක් තීරණය කර නොමැති බැවින් සමස්ත ක්‍රියාවලිය සඳහා මාස කිහිපයක් ගතවිය හැකි බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කරන්නේ.

විද්‍යුත් වාහනවලින් මෙවැනි බද්දක් අය කරනු ලැබූ එකම ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයයි.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »