Search

වික්ටෝරියා ඉඩම් බද්ද 03 ගුණයකින් ඉහළ යන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිතයට ගෙන නොමැති ඉඩම් හා දේපළවලින් අය කෙරෙන බද්ද 03 ගුණයකින් ඉහළ දැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙල්බන් නගරයේ කලාප 02 ක ඇති මාස 06 කට වැඩි කාලයක් භාවිතයට ගෙන නොමැති ඉඩම් සහ දේපළවලින් දැනට අය කෙරෙන සියයට 01 ක බද්ද, සියයට 02 ත් 03 ත් අතර දක්වා ඉහළ දැමෙනු ඇති.

වසර 02 ක් භාවිතයට ගෙන නොමැති නම් සියයට 02 ක් දක්වාද, වසර 03 ක් හෝ ඊට වැඩි කාලයක් භාවිතයට ගෙන නොමැති නම් සියයට 03 ක් දක්වාද ලෙස එම බදු අගයන් වැඩි කිරීමටයි නියමිතව ඇත්තේ.

2025 වසර වනවිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තය පුරා මෙම රෙගුලාසිය බලාත්මක කිරීමයි ජසින්ටා ඇලන් ප්‍රාන්ත රජයේ අපේක්ෂාව වන්නේ.

මෙම නව සංශෝධන ඉදිරි දිනවලදී වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළදී සම්මත කරගැනීමට නියමිත අතර දැනට පවතින උග්‍ර නිවාස අර්බුදය විසඳීම මෙහි ප්‍රධාන අරමුණයි.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »