ඔක්තෝබරයේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 4.9% ක් දක්වා පහළට

ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 4.9 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එය සැප්තැම්බර් මාසයේදී සියයට 5.6 ක් ලෙස පැවති අතර ආර්ථික විශ්ලේෂකයන් විසින් පුරෝකථනය කර තිබුණේ ඔක්තෝබරයේදී සියයට 5.2 ක් දක්වා පමණක් අඩුවනු ඇති බවයි.

කෙසේවෙතත් ඊටත් වඩා අඩු අගයකට උද්ධමනය පහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්තවල දැක්වෙන්නේ.

ඔක්තෝබරයේ නිවාස මිළ සියයට 6.1 කින් / ආහාර සහ මත්පැන් නොවන පාන මිළ සියයට 5.3 කින් සහ ප්‍රවාහන ගාස්තු සියයට 5.9 කින් වැඩිවී ඇති බව එහි සඳහන්.

කෙසේවෙතත් ඔක්තෝබර් මාසයෙන් අවසන් වූ මාස 12 තුළදී මෙරට විදුලි ගාස්තු ඉහළයාම සියයට 10.1 ක් ලෙසයි සටහන් වන්නේ.

කිසියම් අයුරකින් විදුලි ගාස්තු සහනයක් නොතිබුණේ නම් එය සියයට 18.8 ක් වැනි ඉහළ අගයක පැවතීමට ඉඩ තිබූ බවටත් ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල දැක්වෙනවා.

2022 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්සව මෙවර ඔක්තෝබරය වනවිට ඉන්ධන ගාස්තුවල වැඩිවීම සියයට 8.6 ක්.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »