Search

පලස්තීනයට සහය පළකරන ලෙස NSW ගුරුවරුන්ට දැනුම්දීමක්

පලස්තීනයට සහය පළකරමින් හිස් ආවරණ පළඳින ලෙසත් පන්ති කාමර තුළදී සිසුන්ට එය වැටහෙන අයුරින් කටයුතු කරන ලෙසත් නිවු සවුත් වේල්ස් ප්‍රධාන ගුරු සංගමය විසින් සිය සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල හරහා ඒ බව දැක්වෙන අදහස් පළකිරීම් විශාල වශයෙන් ප්‍රචාරය කෙරෙමින් ඇති බව සඳහන්.

කිසියම් අයුරකින් විදුහල්පතිවරුන් හෝ වෙනත් පාර්ශවයක් විසින් බාධා කලහොත් එය වහා දැනුම් දෙන්නැයිද නිවු සවුත් වේල්ස් ප්‍රධාන ගුරු සංගමය ඉල්ලීමක් කරනවා.

ගාසා තීරයේ සටන් විරාමයක් වෙනුවෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට බලපෑම් කල යුතු බවටද ඔවුන් විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් පන්ති කාමර තුළ දේශපාලන කටයුතු සඳහා කිසිදු අවසරයක් ලබාදී නැහැ.

එමෙන්ම නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ද පසුවන්නේ ඊශ්‍රායල හිතවාදී ස්ථාවරයකයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »