Search

පැය 14 ක ඔප්ටස් බිඳවැටීමට මුදලින් වන්දි ගෙවීම් ඇරඹෙයි

නොවැම්බර් 08 වනදා පැය 14 කට ආසන්න කාලයක් සිදුවූ සේවා බිඳවැටීම හමුවේ අපහසුතාවයට පත් පාරිභෝගිකයන් වෙත මුදලින් වන්දි ගෙවීම් ආරම්භ කර ඇතැයි ඔප්ටස් සන්නිවේදන සමාගම පවසනවා.

කෙසේවෙතත් කොපමණ පිරිසකට කෙතරම් මුදලක් මෙහදී ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ඔවුන් නිශ්චිත වශයෙන් අනාවරණය කර නැහැ.

අදාළ දිනයේදී පුද්ගලයන් මිලියන 10 කට සහ ව්‍යාපාරික ස්ථාන ලක්ෂ 04 කට පමණ බලපෑම් එල්ල වූ බවයි පැවසෙන්නේ.

ඔවුන් වෙනුවෙන් ගිගා බයිට් 200 ක් බැගින් ඩේටා ලබාදීමට ඔප්ටස් සමාගම කටයුතු කරන බව ප්‍රකාශ කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් දැඩි දෝෂාරෝපණ එල්ල කලා.

ඔප්ටස් සේවා බිඳවැටීම සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන කිහිපයක්ම ක්‍රියාත්මක අතර මින් ඉදිරියට මෙවැනි අපහසුතාවන් ඇතිවීමට ඉඩ නොතබන බවටයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »