
ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.
පසුගිය නොවැම්බර් 10 වනදා එල්ලවු සයිබර් ප්‍රහාරයත් සමග මෙල්බන් – සිඩ්නි – බ්‍රිස්බන් සහ ෆ්‍රීමැන්ටල් යන වරායන් හි මෙහෙයුම් කටයුතු දින කිහිපයක් අඩාලව පැවතුණා.
මෙහිදී ඇතැම් වත්මන් සහ හිටපු සේවකයන්ගේ දුරකථන අංක – ලිපින සහ රියදුරු බලපත් අංක අවභාවිත වී ඇති බවයි ඔවුන් අනාවරණය කරන්නේ.

කෙසේවෙතත් කුමන පාර්ශවයක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇතිද යන්න මේ දක්වා අනාවරණය කරගෙන නැහැ.
මේ අතර සේවකයන් විසින් පවත්වාගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ මෙවර නත්තල් සමයේදී භාණ්ඩ මෙහෙයුම් තදබදයක් පැවතිය හැකි බවටද ආයතනය විසින් පූර්ව අනතුරු ඇගවීමක් සිදුකර සිටිනවා.

එහි ප්‍රථිඵලයක් ලෙස පාරිභෝගිකයන්ට ඇතැම් භාණ්ඩ ප්‍රමාදයන්ට ලක්වීමට සිදුවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.