Search

නාසි ආචාරය සමස්ත ඔස්ට්‍රේලියාව තුළ අපරාධමය වරදක් බවට පත් කිරීමේ සූදානමක්

රට තුළ යුදෙව් විරෝධී ක්‍රියා සහ වර්ගවාදය ඉහළ යෑමත් සමග නාසි ආචාරය අපරාධමය වරදක් බවට නම් කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

නීතිපති මාර්ක් ඩ්‍රේෆස් සඳහන් කර ඇත්තේ සමස්ත රට තුළ නාසි ආචාර ධර්ම ක්‍රියාත්මක කිරීම සාපරාධි වරදක් බවට ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට නියමිත බවයි.

දැනට එක් එක් ප්‍රාන්ත මට්ටමින් නාසි සංකේත ප්‍රදර්ශනය හා භාවිතයට අදාළව විවිධ සීමා පණවා ඇතත් සමස්ත රටටම බලපාන අයුරින් පොදු නීතියක් බලපැවැත්වෙන්නේ නැහැ.

මෙම වසර මුලදී ෆෙඩරල් රජය විසින් නාසි සංකේත ප්‍රදර්ශණය සහ නාසි ලාංඡන සහිත භාණ්ඩ විකි”ම තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කරන බව නිවේදනය කර තිබුණා.

එම නීති බලාත්මක කරමින් ඉදිරියේ දී රට තුළ නාසි ආචාර ක්‍රියාවට නැංවීම් ඇතුලූ වෛරය, ප්‍රචණ්ඩත්වය සහ යුදෙව් විරෝධි ක්‍රියා සඳහා කිසිදු අවස්ථාවක් හිමි නොවනු ඇති.

මීට සමගාමීව ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක විවිධ සංවිධාන සිය ගණනක් යුදෙව් විරෝධය සහ වර්ගවාදය හෙළා දකිමින් ලිපියකට අත්සන් කර ඇති බවද සඳහන්.

යුදෙව් සහ ඉස්ලාමීය කණ්ඩායම් පවසන්නේ රට තුළ යුදෙව් විරෝධය සහ ඉස්ලාම් භීතිකාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සති 07 ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ සිදුවු යුදෙව් විරෝධී සිදුවීම් ගණන සියයට 482 කින් ඉහළ ගොස් ඇති අතර වර්තමාකය වන විට එම අගය සියයට 591 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »