Superannuation ප්‍රතිලාභ ප්‍රමාද ගැන සෙනෙට් පරීක්ෂණයක්

Superannuation ප්‍රතිලාභ ලබා ගැනීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් සෙනෙට් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් ඉපැරණි පාරිතෝෂික, රක්ෂණ ආවරණ මුදල් නොගෙවීම වැනි දෑ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඒ පිළිබද විමර්ශණය සඳහා සෙනෙට් කමිටුවක් පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ලිබරල් පක්ෂය අවධාරණය කර ඇත්තේ superannuation අරමුදල් හිමි රක්ෂණ හිමියන්ට සහය වීම වඩාත් වැදගත් බවයි.

මරණ පාරිතෝෂික ඇතුලූ රක්ෂණ අරමුදල් ලබා ගැනීමේ වු ප්‍රමාදයන් හේතුවෙන් රක්ෂණ හිමියන් මෙන්ම යැපෙන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද සඳහන්.

ඇතැම් අවස්ථාවල අදාළ දායක මුදල් ලබා ගැනීමට නොහැකිව වසර ගණනක් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් ද මේ අතර වනවා.

ඒ අනුව මෙලෙස දීර්ඝකාලීන superannuation ප්‍රමාදයන් සිදුවීම පාලනය සඳහා ගතයුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදාළ සෙනෙට් විමර්ශණ වලදී අවධානය යොමු වනු ඇති.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »