Search

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

නිසි ආකාරයෙන් ආසන පටි නොපැළඳීම සහ රිය ධාවනයේදී ඡංගම දුරකතන භාවිත කරන රියදුරන් ඉලක්ක කරමින් සති අන්තයේදී ප්‍රාන්තය තුළ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වු අතර එහිදි මාර්ග ආශ්‍රිත වැරදි සිදුකල 131 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මාර්ග සංඥාවලට අවනත නොවී රිය ධාවනය කල සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයින් ද ඇතුලත්.

මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය පරීක්ෂණ 11 ක් සහ මූලික ශ්වසන පරීක්ෂා 76 ක් සිදු කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතකර රිය ධාවනය කල එක් පුද්ගලයකු ද එහිදි අත්අඩංගුවට ගෙන තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා සවිකර ඇති ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති කඩ කල පුද්ගලයින් 6,000 ක් පසුගිය ජූලී මාසයේදී හඳුනාගෙන තිබූ අතර වසරේ මේ දක්වා කාලය තුළ ප්‍රාන්තය පුරා මාර්ග අනතුරුවලින් මියගිය ගණන 269 ක්.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග ගාස්තු පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව මෙවර සියයට 19 කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »