Search

ස්වදේශික ජන ගැටලු විසඳිය යුතු බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් 9/10 ක් කියයි

ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජය වුව ද ස්වදේශීක ජනතාවගේ ගැටලූ වහා විසඳිය යුතු බවට ඔස්ටේ්‍රලියානුවන්ගෙන් බහුතරයක් විශ්වාස කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඡන්ද දායකයින් 10 දෙනෙකුගෙන් 09 දෙනෙකුම අවධාරණය කර ඇත්තේ ස්වදේශික ජනයාට බලපාන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි.

2023 ජනවාරි මස සිට ඡන්ද දායකයන් 4,200 කට වඩා වැඩි පිරිසක් උපයෝගී කරගනිමින් සිදුකල අධ්‍යයනයකදී මෙම තොරතුරු හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාල පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ සමීක්ෂණයට ලක්වූවන්ගෙන් සියයට 79.4 ක්, ෆෙඩරල් රජය රට තුළ සංහිඳියාව වර්ධනය සඳහා දායක විය යුතු යැයි දැඩි ස්ථාවරයක පසුවන බවයි.

සෑම ඔස්ටේ්‍රලියානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක් ම ආදිවාසි ස්වදේශික ජනයාගේ සංස්කෘතිය සම්බන්ධයෙන් ආඩම්භර වන බවයි සමීක්ෂණය මගින් හෙළිව ඇත්තේ.

ජනමත විචාරණ ආකෘතියේ පැවති දුර්වලතා සහ අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් මත පසුගිය ඔක්තෝබර් මස පැවති ස්වදේශික හඩ ජනමත විචාරණය පරාජය වූ බව බහුතර ඡන්දදායකයින් පිරිසක් සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »