ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වයස අවුරුදු 18 ට අඩු පිරිස අන්තර්ජාලයට ඇබ්බැහිවීම වළක්වාලීම සඳහායි මෙම යෝජනාව ගෙනවිත් තිබුණේ.
ඒ සඳහා ඩොලර් මිලියන 6.7 ක නියමු ව්‍යාපෘතියක්ද යෝජනාවට අන්තර්ගතයි.
එහෙත් කිසිදු හේතුවකින් තොරව ලේබර් රජය විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කල බවටයි විපක්ෂ ලිබරල් සන්ධානය චෝදනා කරන්නේ.
කෙසේවෙතත් මහා බ්‍රිතාන්‍යය වැනි රටවල් දැනටමත් මෙවැනි අත්හදා බැලීම් සාර්ථකව ක්‍රියාවට නංවමින් සිටින බවද ලිබරල් සන්ධානය පෙන්වා දෙනවා.