Search

ගතවූ මාස 12 දී ඔස්ට්‍රේලියාව තුළ වැඩිම සහ අඩුම වැටුප් වැඩිවීම් හිමිවූ ක්ෂේත්‍ර මෙන්න

ගතවූ මාස 12 තුළදී ඔස්ට්‍රේලියාව තුළ වැඩිම සහ අඩුම වැටුප් වැඩිවීම් හිමිවූ ක්ෂේත්‍ර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සමාජ සේවා සහ සංවර්ධන ක්ෂේත්‍රයන් ආශ්‍රිත රැකියාවන් හී වැටුප සියයට 08 කින් ඉහළ ගොස් ඇති අතර කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයන් හී වැටුප් වැඩිවීම සියයට 5.8 ක්.

අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයන් හි සියයට 5.7 කින් ද / දේපල – සිල්ලර වෙළඳාම් සහ නිශ්පාදන ක්ෂේත්‍රයන්හි වැටුප සියයට 05 කින්ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර එම කාලසීමාව තුළ මන්දගාමී වැටුප් වර්ධනයක් පෙන්නුම් කළ ක්ෂේත්‍ර අතරට තොරතුරු තාක්ෂණ, සන්නිවේදන සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළත් වන අතර එම වර්ධන අගය සියයට 1.6 ත් සියයට 2 ත් අතර පසුවුණා.

ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප පසුගිය ඔක්තෝම්බර් මස සියයට 0.3 කින් ඉහළ ගොස් ඇති බව ප්‍රමුඛතම රැකියා වෙබ් අඩවියක් වන SEEK විසින් හෙළිදරව් කර තිබෙනවා.

මේ අතර පසුගිය සැප්තැම්බර් මස වැටුප් අගය සියයට 0.4 කින් ද ජූලි සහ අගෝස්තු වැටුප සියයට 0.5 කින්ද පහත වැටී ඇති බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප් වැඩිවිම වේගවත් සහ මන්දගාමී අන්ත අතර දෝලනය වන බවයි SEEK ආයතනය පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »