
රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.
141 දෙනෙකු රැඳවුම් භාරයෙන් නිදහස් කර ඇති අතර අපරාධකරුවන් – ළමා අපචාරකයන් සහ මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ද ඒ අතර වන බවටයි පාර්ලිමේන්තුව හමුවේ අද සභාගත කල ලේඛණයක දැක්වෙන්නේ.
කෙසේවෙතත් මහාධිකරණ නියෝගයක් මත ඔවුන් නිදහස් කෙරුණු බවත් ඉන් සෙසු ජනතාවගේ ආරක්ෂාවට හානියක් නොමැති බවයි ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ.

මේ අතර අනවසර සංක්‍රමණිකයන් රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූවේ මහාධිකරණයේ සියලු විනිසුරුවරුන් විසින් ගනු ලැබූ ඒකමතික තීන්දුවක් අනුව බවට අද නිවේදනය කෙරුණා.
මේ දක්වා පැවති වසර 20 ක් පමණ පැරණි නියමයන් යල්පැන ගිය බවට හැගී යාම ඊට හේතුව ලෙසටයි මහාධිකරණය විසින් දන්වා ඇත්තේ.
