වත්මන් රජය යටතේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 50% ක් මුල්‍යමය ආතතියෙන්

වත්මන් රජය යටතේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 50 කගේ පමණ මුල්‍යමය ආතතියෙන් පෙළන බව නවතම Newspoll සමීක්ෂණ වාර්තාව මගින් අනාවරණය වී තිබෙනවා.

ඡන්ද දායකයින් 1,216 දෙනෙකු උපයෝගි කර ගනිමින් අදාළ සමීක්ෂණය සිදු කර ඇති අතර එහිදි අනාවරණය වී ඇත්තේ සෑම වයස් කාණ්ඩයක් නියෝජනය කරන ඡන්ද දායකයින් බලපතල මූල්‍ය අර්බුද වලට ලක්ව ඇති බවයි.

වයස අවුරුදු 35 ත් 49 ත් අතර පසුවන්නන්ගෙන් සියයට 60 ක් පමණ කියා සිටියේ දැනට වසර දෙකක සිට පවතින ජිවන අර්බුධය හමුවේ තමන් මූල්‍ය පීඩාවට පත්ව සිටින බවයි.

විශේෂයෙන් දැරිය නොහැකි කුලී නිවාස මිල ගණන්, උකස් පිරිවැය මෙන්ම පොලී අනුපාතික අඛණ්ඩව ඉහළ යෑම මීට හේතු ලෙසයි ඡන්ද දායකයින් අවධාරණය කර ඇත්තේ.

මෙම පිරිස අතර කුලී නිවැසියන්ගෙන් සියයට 56 ක් සහ උකසක් මත ගෙවීම් කරන අයගෙන් සියයට 53 ක් දැඩී මූල්‍ය ආතතියකින් පෙළන බව සඳහන්.

කාන්තාවක්ගේ මූල්‍ය ආතතිය පසුගිය වසර 02 ට සාපේක්ෂව සියයට 53 කින් ද පිරිමි පුද්ගලයින්ගේ මූල්‍ය ආතතිය සියයට 48 කින් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

Newspoll නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ අගමැති ඇන්තනි ඇල්බනීස් කෙරෙහි වු ජනතා විශ්වාසය සියයට 40 දක්වා පහත වැටී ඇති බවයි.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »