
උත්සව සමය එළැඹීමත් සමග ලිපි හා පාර්සල් බෙදා හරින සිය සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන්නැයි සුනඛයන් ඇති දැඩි කරන සියලු ඔස්ට්‍රේලියානුවන්ගෙන් Australia Post ඉල්ලීමක් කරනවා.
පාර්සල් බෙදා හැරීමේ දී තැපැල් සේවකයින්ට අත්විදීමට සිදුවන සුනඛ ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි ඔස්ට්‍රේලියානු තැපැල් සේවා දත්ත මගින් අනාවරණය වී ඇත්තේ.
වසරේ ජූලි මස සිට මේ දක්වා ගතවු සෑම දිනකම තැපැල් සේවකයින් සුනඛයින් ආශ්‍රිත ප්‍රහාරයන්ට ලක්වීමේ සාමාන්‍ය අගය 7.5 ක් වන අතර සෑම සතියකම එවැනි සිදුවීම් 50 කට වැඩි ප්‍රමාණයක් සිදුවන බව සඳහන්.

එම කාලසීමාව තුළ වැඩිම සුනඛ ප්‍රහාර සංඛ්‍යාවක් වාර්තා වන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වන අතර එම ගණන 321 ක්.
නිව් සවුත් වේල්ස් හි අනතුරු 306 ක් ද බටහිර ඔස්ට්‍රේලියාවෙන් අනතුරු 177 ක් ද වික්ටෝරියා හි සිදුවු අනතුරු සංඛ්‍යාව 103 ක් ලෙසද වාර්තා වි තිබෙනවා.

එළඹෙන උත්සව සමය හා සමගාමීව තවදුරටත් තැපැල් සේවා පුලූල් වන බැවින් පුද්ගලයින් තමන්ට අදාළ පාර්සල් ලබා ගැනීමේ දී තම සුරතල් සතුන් ආරක්ෂිතව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසයි තැපැල් බළධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
මේ අතර තැපැල් සේවකයින් සඳහා අනතුරුදායක සුනඛයින් සිටින ස්ථාන කල්තියා හදුනාගැනීමට අදාළ ඩිජිටල් උපාංගයක් හඳුන්වාදීමට Australia Post පියවර ගෙන තිබුණා.
අදාළ උපාංගය මගින් සිදුවිය හැකි අනතුරු කල් තියා පාලනය කිරීමේ හැකියාවක් පවතින අතර නත්තල් සමය තුළ කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබා දීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි තැපැල් සේවා බලධාරීන් සඳහන් කර ඇත්තේ.