Northern Territory ප්‍රාන්ත රජය විසින් මත්පැන් අලෙවි කිරීමට අදාළව දැඩි රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා.
ඒ අනුව ඩාර්වින් නගරයේ පිහිටා ඇති මත්පැන් අලෙවිසැල් විවෘත කල හැකි වනුයේ දහවල් 12 න් පසුවයි.
නගරයේ අපරාධ සංඛ්‍යාව සහ සමාජ විරෝධී ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළයාමත් ඊට මත්පැන් අධි භාවිතය සෘජුව බලපා ඇති බවට හඳුනාගෙන තිබීමත් ඊට හේතුවයි.
මත්පැන් අලෙවිසැල් අසල අනුයුක්ත කර සිටින ආරක්ෂක නිළධාරීන්ට කළහකාරී ක්‍රියා පාලනය සඳහා අමතර බලතල ලබාදීමද මේ යටතේ සිදුවනවා.
ප්‍රජාවෙහි ආරක්ෂාව සලකා මෙම තීරණය ගන්නා බවයි Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් සඳහන් කලේ.