Search

තනි භාවිත e-දුම්වැටි ඔස්ට්‍රේලියාවට ආනයනය ජනවාරි 01 සිට තහනම්

තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ඔස්ට්‍රේලියාවට ආනයනය ලබන ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි තහනම් කර තිබෙනවා.

ඊ-දුම්වැටි සම්බන්ධයෙන් ෆෙඩරල් රජය ගනු ලබන දැඩි ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර ලෙසයි එය ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මීට සමගාමීව විවිධ රසයන්ගෙන් යුත් ඊ-දුම්වැටි සහ ඒවායෙහි අඩංගු නිකොටීන් ප්‍රමාණයන් පිළිබඳ නව රෙගුලාසි මාලාවක්ද ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඊ-දුම්වැටි සඳහා නිර්දේශ නිකුත් කිරීමට වෛද්‍යවරුන්ට පවතින බලතල ක්‍රමවේදයට සංශෝධන හඳුන්වාදීමක්ද සිදුකිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියා තරුණ ජනගහණයෙන් 1/4 ක් පමණ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට පෙළඹී ඇති බවද අවුරුදු 14 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ එය අනතුරුදායක මට්ටමක් කරා එළැඹී ඇති බවද මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »