නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා සබඳතා සිය ගණන් සොයා ගත්ත ද COVIDSAFE app එක මේ සඳහා දායක වී නොමැත​.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා සබඳතා සිය ගණන් සොයා ගත්ත ද COVIDSAFE app එක මේ සඳහා දායක වී නොමැත.

නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් 71 ක් සහ සම්බන්ධතා සිය ගණනක් හඳුනාගෙන ඇති අතර COVIDSAFE app එකෙන් කිසිවක් සොයාගත නොහැකි විය.

කැන්බරා හි නත්තල් කාලය ගත කිරීමට සූදානම් වන ඕස්ට්‍රේලියානු අගමැති පවසන්නේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ පවතින කොරෝනා තත්වය මැඩ පවත්වා ගැනීමට හැකි වේ යැයි තමා විශ්වාස කරන බවයි.

කොරෝනා වයිරසයේ ආශ්‍රිතයින් සිය ගණන් හඳුනා ගැනීමේදී රජයේ ඩොලර් මිලියන ගණනක COVIDSAFE යෙදුම කිසිඳු ආකාරයකින් උදව් වී නොමැති බව කාගේත් පුදුමයට කරුණක් වී ඇති බවට සඳහන්.

මේ සතියේ NSW හි කොරෝනා වයිරස් රෝගීන් 71 ක් හඳුනාගෙන ඇති අතර සම්බන්ධතා සිය ගණනක්, කෙසේ වෙතත් යෙදුම එක් සම්බන්ධතාවයක් සොයා ගැනීමට උදව් කර නැත.

අප්‍රේල් මාසයේ සිට වික්ටෝරියා හි විනාශකාරී කොරෝනා රැල්ල අතරතුර සම්බන්ධතා 17 ක් සොයා ගැනීමට COVIDSAFE උදව් කර ඇත.

ඕස්ට්‍රේලියානු රජය පවසන පරිදි මෙම යෙදුම දැන් යාවත්කාලීන කර ඇත.

මීට පෙර, ඔබ සතුව COVIDSAFE app තිබුනද ෆේස්බුක් වැනි වෙනත් යෙදුමක් භාවිතා කර ඇත්නම් හෝ ඔබේ දුරකථනය අගුළු (lock) දමා තිබේ නම් බ්ලූටූත් වැඩ කරන්නේ කාලයෙන් සියයට 25 ක් පමනි. එනම් ඒ අතරතුර කාලයේ කොරෝනා සම්බන්ධතා හතරෙන් තුනක්ම​ මග හැරිය හැක.

රජය පවසන්නේ නව බ්ලූටූත් ක්‍රමවේදය මඟින් COVIDSAFE යෙදුම දැන් 99% ක සම්බන්ධතාවන් සොයා ගැනීමට හැකි වන බවයි.

“මෙය මෙවලමක්. එය අපගේ සම්බන්ධතා සොයා ගැනීමට  සහාය වීම සඳහා ඇති බොහෝ මෙවලම්වලින් එකක්” යැයි වැඩබලන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය පෝල් කෙලී පැවසීය.

මෙම යෙදුමට අවම වශයෙන් ඩොලර් මිලියන 16 ක් වැය වී ඇති බව සඳහන් වේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »