
ඔස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය ඉතිහාසයේ පහළම අගය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට එය සියයට 21.7 ක් දක්වා අඩුවී ඇති නමුත් තවමත් පුරුෂයන්ට වඩා කාන්තාවන් විසින් උපයන වාර්ෂික වැටුප ඩොලර් 26,393 කින් අඩු අගයකයි පවතින්නේ.
එය 2022 වසරේදී පැවති වැටුප් පරතරයට වඩා ඩොලර් 1,322 කින් පහළයාමක් වනවා.

ඔස්ටේ්‍රලියාව තුළදී පුරුෂයෙකු එක් ඩොලරයක් උපයනවිට කාන්තාවක විසින් උපයනු ලබන්නේ ඩොලර් ශත 78 ක් පමණක් බවටයි හෙළිකරගෙන ඇත්තේ.
ඉහළ කළමණාකාරීත්ව රැකියා අතර කාන්තා නියෝජනය පසුගිය සරට වඩා සියයට 01 කින් ඉහළ ගොස් මේ වනවිට සියයට 42 ක් ලෙස පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සමස්තයක් ලෙස සැළකීමේදී කාන්තාවන්ට වඩා පුරුෂයන් විසින් 1/5 ක පමණ වැඩි වැටුප් උපයන බවද සඳහන්.