
ඩිජිටල් ගණුදෙනුවලින් බැහැරව මුදල් උපයෝගී කරගනිමින් පමණක් ගෙවීම් සිදුකරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ගතවු වසර 03 තුළදී අඩකින් පමණ පහළගොස් තිබෙනවා.
වසර 03 කට පෙර එය සියයට 27 ක් ලෙස පැවති අතර මේ වනවිට සියයට 13 ක් දක්වා අඩුවී ඇති බවයි ෆෙඩරල් සංචිත බැංකුව සිදුකර ඇති නවතම සමීක්ෂණයක දැක්වෙන්නේ.
මෙම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 2022 වසරේදී කිසිදු ආකාරයකින් මුදල් නෝට්ටු හෝ කාසි භාවිත කර නොමැති පිරිස සටහන් වී ඇත්තේ සියයට 50 ක් ලෙසයි.

කෙසේවෙතත් 2016 වසරේදී එය සියයට 20 ක් ලෙසත් – 2019 වසරේදී සියයට 33 ක් ලෙසත් පැවති බව සඳහන්.
අවුරුදු 50 ට වැඩි වයස් කාණ්ඩයේ පිරිස් මෙන්ම regional ප්‍රදේශවල වාසය කරන්නන් ඩිජිටල් මුදල් ගණුදෙනු වෙත යොමුවීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවද ෆෙඩරල් සංචිත බැංකුව නිකුත් කර ඇති සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතුරින් මුදල් නෝට්ටු සහ කාසි පමණක් භාවිතයෙන් ගණුදෙනු කල ප්‍රතිශතය 2007 වසරේදී සියයට 74 ක් ලෙස පැවති නමුත් 2019 වසරේදී සියයට 42 කට අඩුවී තිබුණා.
කොවිඩ් සමයෙන් පසු 2022 වසරේදී එය තවදුරටත් පහළ ගොස් සියයට 22 ක් වැනි අගයකට අඩුවී තිබූ බවයි ෆෙඩරල් සංචිත බැංකුව සඳහන් කරන්නේ.