
නිවසේ සිට රාජකාරී වල නිරත වන්නන්ගෙන් සියයට 53 කට වැඩි පිරිසකගේ සේවක වියදම් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
සේවා ස්ථානයේ සිට වැඩ කිරීමට සාපේක්ෂව නිවසේ සිට වැඩකිරීමේ දී අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේ දී වැඩි වියදමක් වැය වන බවයි සේවකයින් චෝදනා නගන්නේ.
අධ්‍යයනය සඳහා සහභාගි වු සේවකින් 2000 ක් අතුරින් තුනෙන් එකක් කියා සිටියේ නිවසේ සිට රාජකාරි වල නිරතවීමේ දී විදුලිය, මුද්‍රණ පිටපත් සහ අනෙකුත් කාර්යාල කටයුතු සඳහා අමතර වියදමක් දැරීමට සිදු වන බවයි.

විශේෂයෙන් කාර්යාල උපකරණ සඳහාත් තාක්ෂණික උපාංග මිලදී ගැනීම හෝ වැඩිදියුණු කිරීම මෙන්ම අන්තරජාල පිරිවැය ද ඉහළ අගයක් ගන්නා බවයි සේවකයින් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ආයතන ප්‍රධානීන් අමතර වියදම් පියවා ගැනීම සඳහා සේවකයින් වෙත සහන පැකේජයක් මෙතෙක් හඳුන්වා දී නැහැ.

පසුගිය කොවිඩ් වසංගත කාල සීමාව තුළ සේවකයින් නිවසේ සිට රාජකාරීවල නිරතවීමට දිරිමත් කෙරුණද වර්තමානය වන විටත් සියයට 55 කට වැඩි පිරිසක් සම්පුර්ණයෙන් නිවසේ සිට රාජකාරිවල නිරත වනවා.
සියයට 88 ක් සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් නිවසේ සිට වැඩ කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ සේවා ස්ථානයේ රැදෙමින් සේවයේ නියුතු පුද්ගලයින් සඳහා සාමාන්‍යයෙන් මාසිකව 10,289 ක මුදලක් හිමිවන අතර එම සේවකයින්ම නිවසේ සිට රාජකාරි වල නිරතවීමෙන් හිමිවන්නේ ඩොලර් 6,164 ක් පමණක් බවයි.