$ 10 ට අඩු ඇණවුම් සඳහා Uber Eats වෙතින් තවත් $ 2.99 ක ගාස්තුවක්

බෙදා හරින භාණ්ඩ සඳහා අවම ඇණවුම් ගාස්තුවක් නියම කිරීමට Uber Eats ඇප්ලිකේෂනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ සිට ඩොලර් 10 ට අඩු වටිනාකමින් යුත් ඇණවුම් සඳහා තවත් ඩොලර් 2.99 ක අමතර ගාස්තුවක් අය කෙරෙනු ඇති.

ආහාර – අත්‍යවශ්‍ය සෙසු ද්‍රව්‍ය – මත්පැන් ඇතුලු සියලු ඇණවුම් සඳහා මෙම නව රෙගුලාසිය බලාත්මකයි.

අඩු වටිනාකමින් යුත් ඇණවුම් සඳහාද සෙසු භාණ්ඩ හා සමාන ශ්‍රමය හා කාලය වැය කිරීම අසාධාරණ බැවින් මෙම තීරණය ගත් බවයි Uber සඳහන් කලේ.

රියදුරන් ඇතුලු සේවකයන් සඳහා ලේබර් පක්ෂ රජය විසින් පණවනු ලැබූ නව කොන්දේසි හමුවේ සිය සේවා ගාස්තු සියයට 85 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බවට Uber විසින් මීට පෙර අනතුරු අගවා තිබුණා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »