ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ කාර්ය සාධනය පහත වැටී ඇති බවට නවතම වාර්තාවක්

ඔස්ට්‍රේලියානු පාසල් සිසුන්ගේ අධ්‍යාපන කාර්ය සාධන මට්ටම සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවට නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

2010 වසරේ දී හඳුන්වාදුන් ජාතික පාසැල් විශයමාලා ක්‍රමයේ වු බරපතල ගැටලූ හේතුවෙන් මෙම තත්වය උත්ගතව ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ නිල අධ්‍යාපන පර්යේෂණ ආයතන පවසන්නේ ජාතියේ පාසල් විෂය මාලාවන්හි පවතින අපැදිලිතාවය හේතුවෙන් ගුරුවරුන් තමන්ට ආවේණික ක්‍රම ඔස්සේ සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන බවයි.

සංවර්ධිත රාජ්‍යන්හි අධ්‍යාපන මට්ටම් හා සැසඳීමේ දී ඔස්ට්‍රේලියානු සිසුන්ට සාපේක්ෂව ඇමරිකානු සිසුන් ජීව විද්‍යා විශය මාලාව තුළ 04 ගුණයකින් ඉදිරියෙන් සිටින බවයි පැවසෙන්නේ.

කැනඩාවේ සිසුන් 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විද්‍යා විශය මාලාව ඔස්ටේ්‍රලියානු සිසුන් හදාරනු ලබන්නේ 10 වන ශ්‍රේණියේදී බවටයි අනාවරණය වන්නේ.

ගෝලීය අධ්‍යාපන මට්ටම් හා සැසඳීමේ දී ඔස්ටේ්‍රලියානු විෂය මාලා තුල ගැටලූ රැසක් පවතින බව අධ්‍යාපන විශේෂඥයින් අවධාරණය කරනවා.

අධ්‍යාපන ක්‍රමයේ හරය විෂය මාලාව වන අතර විෂය මාලා ප්‍රතිසංස්කරණයකින් තොරව සිසුන්ගේ අධයාපන කාර්ය සාධන ඉහළ නැංවීම දුෂ්කර බවයි අධ්‍යාපන විශේෂඥයින් සඳහන් කර ඇත්තේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »