සංචිත බැංකු ප්‍රතිසංස්කරණ කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට

ෆෙඩරල් සංචිත බැංකුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ෆෙඩරල් රජය සුදානම් වනවා.

නව කෙටුම්පත මගින් මූල්‍ය පද්ධතියේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත අතර එදිනෙදා ගෙවුම් අධීක්ෂණය සඳහා නව පාලක මණ්ඩලයක් පත් කිරීමට ද නියමිතයි.

ෆෙඩරල් සංචිත බැංකු තීරණයක් කපා හැරීම සඳහා දැනට භාණ්ඩාගාරික අමාත්‍යවරයාට පවතින බලතල ද නව පනත මගින් ඉවත් වනු ඇති.

මේ අතර ෆෙඩරල් සංචිත බැංකුවේ පරිපාලනයට අදාළව ආර්ථික හා දේශපාලන වෙනස්කම් රැසක්ද හඳුන්වාදීමට නියමිත අතර මහජනතාවට බැංකු පද්ධතිය තුළ පවතින පොදු ගැටලූ ආමන්ත්‍රණයට ද අවස්ථාව හිමිවනවා.

ආර්ථික විශේෂඥයින් චෝදනා නගන්නේ මෙම වසර මුල සිට සංචිත බැංකු බැංකුව පොලී අනුපාතිකය ආක්‍රමණකාරී ලෙස ඉහළ දමා ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉදිරිපත් කල සමාලෝචන වාර්තා සැලකිල්ලට ගනිමින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

වසරකට පොලී අනුපාත මණ්ඩල රැස්වීම් සංඛ්‍යාව 11 සිට 8 දක්වා අඩු කිරීමට නිර්දේශ කර ඇති අතර එලෙස අඩු රැස්වීම් සංඛ්‍යාවක් පැවැත්වීම සහ එය පොළී අනුපාතිකය කෙරෙහි බලපෑම් කරන ආකාරය සම්බන්ධයෙන් ද අර්බුධයක් මතුව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »