සුවඳ විලවුන් සිතා මතා සිරුරට ඉස ගැනීම වළකන්න Woolworths වෙතින් අලුත් උපායක්

සුවඳ විලවුන් – බොඩි ස්ප්‍රේ ඇතුලු deodorant වර්ග, ආරක්ෂිත කුටීර තුළ තබා අලෙවි කිරීමට Woolworths වෙළඳසැල් ජාලය පියවර ගෙන තිබෙනවා.

බ්‍රිස්බන් ඇතුලු ක්වීන්ස්ලන්ඩ් හි වෙළඳසැල්වලින් මෙම නව වැඩපිළිවෙල ආරම්භ කිරීමටයි ඔවුන් කටයුතු යොදා ඇත්තේ.

නත්තල් ඇතුලු උත්සව සමය ආරම්භවීමත් සමග ඇතැමුන් මේවා මිළදී නොගෙන සුගන්ධය පරීක්ෂා කිරීමේ මුවාවෙන් සිතා මතා සිරුරට ඉස ගැනීම මීට හේතුවයි.

මේ අනුව කිසියම් අයෙකුට, අදාළ ආරක්ෂිත කුටීර තුළ ඇති සුවඳ විළවුන් හෝ වෙනත් යමක් අවශ්‍ය නම් සේවකයෙකු හෝ සේවිකාවකගේ සහය ගැනීම අනිවාර්ය වනු ඇති.

නිවු සවුත් වේල්ස් වෙළඳසැල් කිහිපයකද මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර ලබන මාසය අවසානය වනවිට සමස්ත රට පුරා එය ක්‍රියාත්මක කිරීමටයි Woolworths සූදානමින් සිටින්නේ.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »