Search

පලස්තීන ඊශ්‍රායල ගැටුම් ගැන වික්ටෝරියා ගුරුවරුන්ට අනතුරු ඇගවීමක්

පලස්තීන ඊශ්‍රායල යුධ ගැටුම් සම්බන්ධයෙන් පන්ති කාමර තුළ සාකච්ඡා කරන වික්ටෝරියා පාසැල් ගුරුවරුන්ට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත උප අගමැති මෙන්ම අධ්‍යාපන අමාත්‍ය බෙන් කැරොල් අවධාරණය කර ඇත්තේ පලස්තීනයට සහය පලකරමීන් හෝ එම ගැටුම් සම්බන්ධයෙන් පාසැල් තුල සංවිධානාත්මකව අදහස් දැක්වීම ගුරු වෘත්තීය සමිතිවලට තහනම් කරුණක් බවයි.

ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් වලට සහය පලකරමින් ගුරු සංගම් කිහිපයක් පාසැල් තුල උපදේශන සේවා වල නිරත වන බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

පලස්තීන ලාංඡනයක් සහිත ඇඳුම් පැළදීම මෙන්ම පලස්තීන උපදේශකයින් සමග කතා කිරීමට වික්ටෝරියානු සිසුන්ට එහිදී ආරාධනා කර ඇති බවද සදහන්.

කෙසේ වෙතත් වෘත්තිය සමිති සුලූ ප්‍රමාණයක් ආරම්භ කර ඇති මෙම ව්‍යාපාරයට කිසිදු රාජ්‍ය අනුග්‍රයක් නොමැති බවයි අධ්‍යාපන අමාත්‍ය බෙන් කැරොල් අවධාරණය කර ඇත්තේ.

මේ සම්බන්ධව දැනුවත් කිරීමේ ලිපි පාසැල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇති අතර පලස්තීන හිතවාදී ලාංඡනය සහිත ඇදුම් පැළඳීමෙන් වලකින ලෙසද ගුරුවරුන්ට උපදෙස් දී තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »