ඉදිරි සති කිහිපය තුළ සිඩ්නි – මෙල්බන් – කැන්බරා තද වැසි

ඉදිරි සති කිහිපය තුළ සිඩ්නි, මෙල්බන් සහ කැන්බරා යන ප්‍රධාන නගර 03 හි වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.

පසුගිය කාලයේ ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශ වලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව තිබූ අතර ඉදිරියේ දී එම තත්වය පහව යනු ඇතැයි සඳහන්.

ක්විස්ලන්ඩ් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වලට මේ දිනවල මිලිමීටර 100 ත් 200 ත් අතර තද වැසි පැවති අතර වගාවන්ට අවශ්‍ය ප්‍රමාණවත් ජලය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග දකුණු ඔස්ට්‍රේලියාවට ප්‍රදේශ රැසක මේ දින වල අධික සීතලක් පවතින බව කාළගුණ වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රදේශ වලට හෙට පස්වරුවේ සිට සතියකට වැඩි කාලයක් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාළගුණ අංශ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් කාළගුණ විශේෂඥයින් සඳහන් කර ඇත්තේ ලබන දෙසැම්බර් මස 4 වනදායින් පසු රට තුළ දැනට පවතින කාළගුණික තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »