විපක්ෂ ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය, පාලක ලේබර් පක්ෂය අභිබවා යයි

විපක්ෂ ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය, පාලක ලේබර් පක්ෂය අභිබවා ගොස් තිබෙනවා.

ප්‍රධාන පක්ෂ 02 සැළකීමේදී ලිබරල් සන්ධානයේ ජනප්‍රියත්වය සියයට 38 දක්වා ඉහළ ගොස් ඇති අතර පාලක ලේබර් පක්ෂයේ ජනප්‍රියත්වය සියයට 31 දක්වා පහළ ගොස් ඇති බවයි නවතම නිව්ස්පෝල් මත විමසුමෙහි දැක්වෙන්නේ.

ප්‍රධාන පක්ෂ 02 අතර ජනප්‍රියත්ව පරතරය මෙතරම් අගයකට අඩුවී ඇත්තේ 2021 වසරෙන් පසු පළමු වරටයි.

අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ජනප්‍රියත්වයද පහළ ගොස් ඇතත් ඔහු තවමත් විපක්ෂ නායක පීටර් ඩට්න් ට වඩා සියයට 11 ක් පෙරමුණේයි පසුවන්නේ.

ලේබර් පක්ෂ ඡන්ද දායකයන්, ලිබරල් සන්ධානයට වඩා ග්‍රීන්ස් පක්ෂය වෙත යොමුවීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවද මෙම මත විමසුම අනාවරණ කර තිබෙනවා.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »