ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මයික් පෙසුලෝ එම තනතුරෙන් නෙරපා හැර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ ආණ්ඩුකාර ජනරාල්වරයා විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි.
හිටපු ප්‍රධානියා විසින් වෙනත් අයෙකු වෙත යවන ලද කෙටි පණිවිඩ කිහිපයක් පසුගියදා ප්‍රසිද්ධ වූ අතර ඒ සම්බන්ධයෙන් මහජන සේවා කොමසාරිස්වරයා විසින් විමර්ශනයක්ද සිදුකරනු ලැබුවා.
ඒ අනුවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මයික් පෙසුලෝ ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.
විපක්ෂ නායක පීටර් ඩට්න්, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන්නේ නම් වඩාත් සුදුසු බවයි හිටපු ප්‍රධානියා අදාළ කෙටි පණිවුඩවල දක්වා තිබුණේ.