Search

අනවසර සංක්‍රමණිකයන් හමුවේ ආරක්ෂා තර්ජන වළක්වාලීම සඳහා $ මිලියන 255 ක ප්‍රතිපාදන

අනවසර සංක්‍රමණිකයන් දින නියමයක් නොමැතිව රඳවා ගැනීම නීති විරෝධී බවට මහාධිකරණය දුන් තීන්දුවට අනුව නීති බලගැන්වීම් ආයතන වෙත ඩොලර් මිලියන 255 ක ප්‍රතිපාදන වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය – ෆෙඩරල් පොලිසිය සහ සෙසු පාර්ශව වෙත එම මුදල් බෙදා හැරිමටයි නියමිතව ඇත්තේ.

රැඳවුම් භාරයෙන් නිදහස් කල අනවසර සංක්‍රමණිකයන් හමුවේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට පවතින තර්ජන වළක්වාලීම සඳහා මෙම මුදල් යෙදවෙනු ඇති.

වැඩිම මුදල වන ඩොලර් මිලියන 150 ක් වෙන් කර ඇත්තේ ඔස්ටේ්‍රලියානු දේශ සීමා බලකාය වෙනුවෙනුයි.

අමතර නිළධාරීන් බඳවා ගැනීම – වෙරළාශ්‍රිත ප්‍රදේශවල ආවේක්ෂණ කටයුතු පුලුල් කිරීම වැනි දෑ සඳහා එම මුදල් යෙදවීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය සඳහා ඩොලර් මිලියන 88 ක මුදලක් වෙන් කර ඇති අතර වීසා කොන්දේසි කඩ කරන පිරිස් හඳුනාගැනීමට එහිදී මූලික වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »