ආයතන ප්‍රධානීන් පණවන Working From Home නියෝග පිළිබඳ නියාමන රෙගුලාසි දැඩි කෙරේ

නිවසේ සිට වැඩ කරන සේවකයන් සඳහා රාජකාරි කල යුතු වේලාවන් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් විසින් පණවන නියෝග පිළිබඳ නියාමන රෙගුලාසි දැඩි කිරීමට fair work කොමිසම පියවර ගෙන තිබෙනවා.

දින කිහිපයකට පෙර ඔවුන් විසින් ලබාදුන් නියෝගයත් සමග ඇතැම් ආයතන ප්‍රධානීන් විසින් සේවක රාජකාරි කාලසීමා පිළිබඳ දැඩි පියවර ගනිමින් සිටින බවට වාර්තා පළවිමයි ඊට හේතුව වන්නේ.

කාර්යාලයක් තුළ වැඩ කිරීම පුද්ගල හා සේවා ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරී වන බව Fair Work කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කලේ ඇසුරුම් සමාගමක සේවකයෙකු ගොණු කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුවයි.

කාර්යාලයේ සිට වැඩ කිරීම ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාරී වන බවට එහිදී තීන්දු කෙරුණු අතර Fair Work කොමිෂන් සභා තීන්දුව සමස්ථ රැකියා පද්ධතියටම බලපෑම් සහගත වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම තීන්දුවත් සමග ඇතැම් ආයතන ප්‍රධානීන් නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වාතාවරණය පිළිබඳ වැඩිදුර විමසීමකින් තොරව කාර්යාල සඳහා පැමිණෙන ලෙස බලකරමින් සිටින බවයි පැවසෙන්නේ.

එම තත්වයන් මගහරවාලීමේ අරමුණ ඇතිවයි Fair Work කොමිසම විසින් අදාළ රෙගුලාසි පිළිබඳ නියාමනයක් ආරම්භ කර ඇත්තේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »