ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් මීළග මෝටර් රථය පිළිබඳ දෙගිඩියාවකින්

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් හඳුන්වාදීමට නියමිත නව රෙගුලාසි තවදුරටත් ප්‍රමාද කිරීම හමුවේ ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් සිය මීළග මෝටර් රථය පිළිබඳ දෙගිඩියාවකින් පසුවන බව අනාවරණය වී තිබෙනවා.

විද්‍යුත් නොවන මෝටර් රථ සඳහා ඉදිරියේදී නව බදු පණවන බවට ෆෙඩරල් රජය විසින් අනාවරණය කරනු ලැබුවේ මීට මාස 08 කට පමණ ඉහතදීයි.

එහෙත් ඊට අදාළ කිසිදු නීති සංශෝධනයක් මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම පසුබිම යටතේ වැඩි මිළකට විද්‍යුත් වාහනයක් ගන්නේද නොඑසේනම් අඩු මිළකට ඉන්ධන වාහනයක් ගෙන පසුව බද්දකට යටත් වන්නේද යන මතවාදයක ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් පසුවන බවයි අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ.

කෙසේවෙතත් 2030 වසර වන විට නව මෝටර් රථ වලින් මිලදී ගැනීම් වලින් විද්‍යුත් වාහන වෙත යොමුවනුයේ තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවටද ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ඒ අනුව 2030 වසර වන විට විද්්‍යුත් වාහන අලෙවිය සියයට 27 ක අගයක් ගනු ඇති.

මීට පෙර විද්‍යුත් වාහන අලෙවිය සියයට 89ක් දක්වා ඉහළ යන බවට පුරෝකතනය කර තිබුණ ද නවතම ඇස්තමෙන්තු වාර්තා මගින් පෙනී යන්නේ එම අගය පහත වැටීමක් සිදු වන බවයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට සාපේක්ෂව මෙරට කාන්තාවන් විද්‍යුත් වාහන මිලදී ගැනීමේ කැමැත්ත අඩු බව බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »