Search

වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අලෙවි අවසරය ලබන වසරේ සිට ක්වීන්ස්ලන්ඩ් පුරා

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඔසුසැල් හිමියන්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ වර්ග ගණනාවක් අලෙවි කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ගැබ් ගැනීම් වළක්වන පෙති මෙන්ම රෝග කිහිපයකට අදාළ එන්නත් ද ඒ අකර වන බව සඳහන්.

පළමුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර සමස්ත ප්‍රාන්තය පුරාම ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් විසින් මෙවැනි අත්හදා බැලීමක් සිදුකරන පළමු අවස්ථාවද මෙයවීම විශේෂත්වයක්.

මෙහි සාර්ථකත්වය මත ලබන වසරේ සිට ක්වීන්ස්ලන්ඩ් හි මෙය ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම නියමු ව්‍යාපෘතියට සම්බන්ධවන ඔසුසැල් විසින් විශේෂ පුහුණුවක් ලබා තිබීමද අනිවාර්ය වනවා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »