බ්‍රිස්බන් ඔලිම්පික් වෙනුවෙන් ගැබා ක්‍රීඩාංගණය මුලුමණින්ම කඩා ඉවත් කරන්න යයි

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ ඉදි කිරීම් යටතේ ගැබා ක්‍රීඩාංගණය මුලුමණින්ම කඩා ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අගමැති ස්ටීවන් මයිල්ස් සඳහන් කලේ එම ස්ථානයේ සියලු පහසුකම්වලින් සමන්විත නවීන ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට නියමිත බවයි.

ඒ සඳහා ඩොලර් බිලියන 2.7 ක මුදලක් වෙන් කර ඇති අතර පුනර්ජනනීය බලශක්තිය පමණක් ඊට යොදාගැනෙනු ඇති.

ක්‍රීඩා කටයුතු සඳහා පමණක් නොව විවිධ විනෝදාස්වාද ඉසව් පැවැත්වීම සඳහාද වන පහසුකම්වලින් නව ක්‍රීඩාංගණ සංකීර්ණය සමන්විත වනු ඇති.

2032 ඔලිම්පික් උළෙලේ ඉදිකිරීම් ගැටලු හඳුනාගැනීම සඳහා විශේෂ කමුලුවක් පැවැත්වීමටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »