Search

මෙල්බන් ප්‍රදේශ 10 ක නව නිවාස 60,000 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සංයුක්ත ගොඩනැගිලි ඉදිකලහොත් 2056 වසර වනවිට ඩොලර් බිලියන 43 ක ප්‍රතිලාභ අත්කර ගැනීමේ හැකියාව පවතින බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සංයුක්ත ගොඩනැගිලි බිහිකරමින් පරිසර හිතකාමි පරිසරයක් ඇති කිරීමයි ප්‍රාන්ත රජයේ අරමුණ වී ඇත්තේ.

ඵලදායිතාව ඉහළ නැංවීම මෙන්ම ඉහළ යන නිවාස මිළ ගණන් හා රැකියා සදහා ප්‍රවේශවීමට වැඩි ඉඩක් වෙන් කිරීමට සංයුක්ත ගොඩනැගිලි මගින් වැඩි අවස්ථාවක් හිමිවනු ඇති.

විචාරකයින් පෙන්වා දෙන්නේ 2056 වසර වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන මිලියන 11 කට අධික ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවමින්, ශක්තිමත් ආර්ථිකයක් සහ තිරසාර පරිසරයක් අත්කර ගැනිමට යෝජිත වැඩපිළිවෙල මගින් අවස්ථාවක් උදාවනු ඇති බවයි.

සංයුක්ත නගර සංකල්පයේදී වාහන ගමනාගමනයේ දී සිදුවන අහිතකර වායු විමෝචන ටොන් මිලියන 17.3 කින් අඩු කර ගැනීමට හැකිවීම ද විශේෂත්වයක්.

මේ අතර යටිතල පහසුකම් උපරිම වන අයුරින් ඉදිරි වසර 10 සදහා වසරකට නව නිවාස 80,000 ක් වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම අරමුණු වන අතර මෙල්බන්හි හඳුනාගත් ප්‍රදේශ 10 ක් යටතේ නව නිවාස 60,000 ක් ඉදි කිරීමට ද නියමිතයි.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »