2030 බලශක්ති ඉලක්ක සැපිරීම ගැන ඇමතිගෙන් අනාවැකියක්

2030 වසර වනවිට සපුරා ගැනීමට නියමිත දේශගුණ විපර්යාස ඉලක්ක වෙත ළගාවීමට ඔස්ට්‍රේලියාවට හැකිවනු ඇති බව බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් පවසනවා.

ඒ අනුව දැනට පවතින කාබන් විමෝචනය ඉදිරි වසර 07 තුළදී සියයට 42 කින් කපා හැරීමට නියමිතයි.

එමෙන්ම සුළං – සූර්ය සහ ජල විදුලිය යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි ඉල්ලුම සපුරාලීමේ ඉලක්කය ඒ වනවිට සියයට 82 දක්වා ඉහළ දැමීමද රජයේ සැළසුම් අතර වනවා.

දැනට එය පවතින්නේ සියයට 35 ක් ලෙසයි.

ෆෙඩරල් රජයේ බලශක්ති ඉලක්ක දුර්වල මට්ටමක පවතින බවට පරිසර සංවිධාන රැසක් එල්ලකර තිබූ චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමිනුයි බලශක්ති ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ෆෙඩරල් රජයේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාගත නොහැකි තරම් ඉහළ අගයක පැවතියද රජයේ කැපවීම දුර්වල තත්වයක පවතින බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »