ත්‍රස්ත චෝදනා වරදකරුවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කෙරෙන නව නීතියක්

ත්‍රස්ත චෝදනා සඳහා වරදකරුවන් වන ද්විත්ව පුරවැසිලාභී පුද්ගලයන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කෙරෙන නව නීතියක් සම්මත කර ගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් මෙම වසර සඳහා වන අවසාන සැසිය සඳහා ඉදිරි දිනවලදී රැස්වීමට නියමිත අතර එහිදී මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇති.

මේ අනුව කිසියම් අයෙකුට ත්‍රස්ත චෝදනා එල්ලවී එය ඔප්පු වුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි වී යන අතර මහාධිකරණය හමුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පවා අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

එවැනි කරුණකට මැදිහත්වීමට සංක්‍රමණ විෂය භාර ඇමතිවරයාට පවතින බලතල පවා නව නීති රෙගුලාසි යටතේ ඉවත් කිරීමට නියමිතයි.

විවිධ රටවලදී ත්‍රස්ත ක්‍රියා සඳහා චෝදනා ලැබූවන් ඔස්ට්‍රේලියාවට පැමිණ රැකවරණය ලබාගැනීම්වල ඉහළයාමක් නිරීක්ෂණය වීම මිට ප්‍රධාන හේතුවයි.

තවත් මාස කිහිපයක් තුළ ඔස්ට්‍රේලියා සංක්‍රමණ රෙගුලාසිවල සිදුකරන දැවැන්ත වෙනස්කම් අතුරින් ප්‍රධාන සංශෝධනයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බව ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »