
මාරාන්තික කුහුඹු විශේෂයක් වන fire ant හෙවත් ගිනි කුහුඹු වාසස්ථාන 03 ක් හමුවීමත් සමග නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා අසල වාසය කරන්නන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමාවේ සිට කිලෝමීටර් 13 ක් පමණ දුරින් මෙම කුහුඹු වාසස්ථාන හමුවී ඇති බව සඳහන්.
මෙම ගිනි කුහුඹුවන් කෘෂිකර්මාන්තයට දැඩි හානි සිදුකරන අතර විදුලි උපකරණ වැනි දෑ සඳහාද තර්ජනයක් බවයි පැවසෙන්නේ.

මීට මාස කිහිපයකට පෙර විදේශයක සිට පැමිණි බහාලුම්වල සිට ගිනි කුහුඹුවන් හමුවීමත් සමග ඔවුන් පාලනය සඳහා ෆෙඩරල් රජය විසින් ඩොලර් මිලියන 600 ක මුදලක් වෙනු කරනු ලැබුවා.
කෙසේවෙතත් එම පාලන කටයුතු සාර්ථක වී නොමැති බවටයි පරිසර විද්‍යාඥයන් චෝදනා කරන්නේ.

ගිනි කුහුඹුවන් පළමුවෙන් ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී තිබුණේ 2001 වසරේදීයි.