පැරිස් ඔලිම්පික් යන ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලොකු සහනයක්

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායම සඳහා අවශ්‍ය වායු සමීකරණ උපාංග මිලදී ගැනීමට ඩොලර් ලක්ෂයක ප්‍රතිපාදන වෙන් කිරිමට ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව එකගතාව පල කර තිබෙනවා.

2024 ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාමර තුළට අවශ්‍ය වායු සමීකරණ පහසුකම් ලබා නොදෙන බවට අදාළ සංවිධායකයින් විසින් පසුගියදා දැනුම් දී තිබුණා.

ඒ අනුව ලබන ජූලි මස පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින කාමර සඳහා වායු සමීකරණ යන්ත්‍ර ලබා දීමටයි ඔස්ටේ්‍රලියානු ඔලිම්පික් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ සදහා අවශ්‍ය වායු සමීකරණ ඒකක සංඛ්‍යාව පිළිබඳ තවමත් නිශ්චිත එකගතාවකට පැමිණ නැහැ.

අදාළ වායු සමීකරණ යන්ත්‍ර ඕනෑම ස්ථානයකට රැගෙනයා හැකි අයුරින් සමන්විත ඒකක වීම තවත් විශේෂත්වයක් වන අතර ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර උෂ්ණත්වය සමතුලිත කිරීම එහි අරමුණයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »