ක්වීන්ස්ලන්ඩ් ගිලන්රථ ධාවනය පහසු කරවීම සඳහා $ මිලියන 20 ක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිලන් රථ ධාවනය පහසු කරවීම සඳහා ඩොලර් මිලියන 20 ක අරමුලක් වෙන් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මූලික කරුණු පහකින් යුත් සැලැස්මක් ගිලන් රථ සේවා සඳහා හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා වෙන්කර ඇති ඩොලර් බිලියන 2.88 ක මුදලින් අදාළ අරමුදල් වෙන් කිරීමට නියමිතයි.

නව සැලසුම් යටතේ හෙදියන් බඳවා ගැනීම, එක්ස් රේ දත්ත ලබා ගැනීම, රෝගී ප්‍රවාහය කළමනාකරණය කිරීම සහ වෛද්‍ය නිලධාරීන් පත් කිරීම ඇතුලූ සේවා රැසක් සිදු වනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අමාත්‍ය ෂැනන් ෆෙන්ටිමන් සඳහන් කළේ නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට උපකාරි වන සැළසුම් සාකච්ඡා කිරීම සදහා හදිසි අවස්ථා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය සේවා ප්‍රධානීන් හමුවීමට සුදානම් බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »