ගෘහස්ත ප්‍රචණ්ඩත්ව වරදකරුවන් මාස 03 කට වරක් ප්‍රසිද්ධ කරන්න යයි

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට වරදකරුවන් වන පුද්ගලයින් පිළිබඳ යාවත්කාලීන කළ දත්ත සෑම මාස 03 කට වරක් ප්‍රසිද්ධ කිරීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙම දත්ත එළිදැක්වීමට නියමිත අතර ලබන වසර මැද භාගය වන විට අදාළ තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ද ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගෝලීය අර්බුදයක් වන අතර මෙලෙස අපරාධකරුවන්ගේ දත්ත ප්‍රසිද්ධියට පත් කිරීම මගින් යම් තාක්දුරට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පාලනය කර ගත හැකි බවයි විචාරකයින් පවසන්නේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු අපරාධ විද්‍යා ආයතනයේ මිනීමැරුම් නිරීක්ෂණ වැඩසටහන යටතේ අදාළ දත්ත යාවත්කාලීන කරනු ඇති.

වසරේ මේ දක්වා කාලය තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සහා ලිංගික හිංසන හේතුවෙන් කාන්තාවන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයක පත්වු කාන්තාවන්ගෙන් සියයට 60ක් පමණ තම සහකරු අතින් ඝාතනය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »