උත්සව සමයේ ලිතියම් බැටරි නිෂ්පාදන ගැන අනතුරු ඇගවීමක්

උත්සව සමය හා සමගාමීව බැටරි මිලදී ගැනීමේ දී ගුණාත්මක ලිතියම් බැටරි අඩංගු නිෂ්පාදන පමණක් මිලදී ගන්නා ලෙස පාරිභෝගිකයින් වෙත අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දත්ත අනුව පෙනී යන්නේ වසරේ මේ දක්වා කාලය තුළ ලිතියම් අයන් බැටරි ගිනිගැනීම් 180 ක් පමණ සිදුව ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එම අගය සියයට 09 ක වැඩිවීමක් බවයි.

විශේෂයෙන් සාප්පු හිමියන්ට උත්සව සමග තුළ තම පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර හොඳ තත්වයේ බැටරි අලෙවිය සඳහා උපදෙස් ලබා දි තිබෙනවා.

ලිතියම් බැටරි ගිනි ගැනීමට ලක්වු විට නිවා දැමීම වඩාත් දුෂ්කර වන අතර එමගින් නිකුත්වන වායු විෂ සහිත බවයි අනාවරණය වි ඇත්තේ.

විශ්වාසදායක සමාගමක් විසින් නිශ්පාදිත ප්‍රමිති සන්නාම සහිත බැටරි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් දිරිමත් කර තිබෙනවා.

හදිසි සේවා අංශ සඳහන් කර ඇත්තේ ගුණාත්මකභාවයෙන් තොර බැටරි හේතුවෙන් සතියකට ගිනි ගැනීම් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වන බවයි.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »